මාධ්ය නිවේදනය

ශ්රී ලංකාවේ ලිංගික හිංසනය වැළක්වීම පිළිබඳ විදේශ ලේකම්වරයාගේ කථාව

ලිංගික හිංසනය වැළක්වීම පිළිබඳ දේශනයක් පැවැත් වූ විදේශ ලේකම්වරයා නිර්මුක්ති සංස්කෘතිය නිමා කරන ලෙස ශ්රී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්바카라 사이트රකාශණය කරණ ලදී
The Foreign Secretary William Hague

රටේ ලිංගික හිංසන සංස්කෘතිය නිමා කිරීමට කුමක් කළ යුතු ද යන්න පිළිබඳව විදේශ ලේකම්වරයා අද ශ්රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන හමු වූයේ ය. එසේම ඔහු මෙම භීෂණ අපයෝජනය ගෝලීය වශයෙන් තුරන් කළ යුත්තේ මන් ද හා ශ්රී ලංකාව ඇතුළු පොදු රාජ්ය මණ්ඩලයේ සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමේ වගකීමක් තිබෙන්නේ මන් ද යන්න පිළිබඳව දේශනයක් ද පැවැත් විය. ගැටුමේ කාලය තුළ හා පසු යන වකවානු දෙකේ දී ම අත්අඩංගුවේ සිටි රැඳවියන් හිංසනයට භාජනය කිරීමේ මාධ්යයක් ලෙස ලිංගික හිංසනය යොදා ගැනීම ඇතුළුව යුද්ධය සමයේ මෙන්ම පසුව ද ශ්රී ලංකා ආරක්ෂක හමුදා විසින් කරන ලදැයි කියන ලිංගික හිංසනය පිළිබඳ විශ්වසනීය චෝදනා තිබෙන බව ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන පවසා තිබේ. එසේම අයිතිවාසිකම් පිළිබඳ ශ්රී ලාංකීය ක්රියකාරක/කාරිකාවන් ද රට පුරා ස්ත්රීන්ට හා ළමුන්ට එරෙහිව කෙරෙන ලිංගික හිරිහැරය හා හිංසනය පිළිබඳ වැදගත් ප්රශ්නය සම්බන්ධයෙන් කතා කර තිබේ.

විදේශ ලේකම්වරයා ගැටුම තුළ ලිංගික හිංසනය වැළක්වීම යන මුල පිරීම ඔස්සේ ගැටුම් සමයේ ස්ත්රීන්, පිරිමින් හා ළමුන් ලිංගික අපයෝජනයට භාජනය කිරීම තුරන් කිරීමේ ජාත්යන්තර ප්රයත්නයන්ට නායකත්වය දෙමින් සිටී. එක්සත් රාජධානිය ශ්රී ලංකා ආණ්ඩුවෙන් හා අනෙකුත් පොදු රාජ්ය මණ්ඩලීය රටවලින් එක්සත් ජාතීන්ගේ ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීම - කැපවීම පිළිබඳ ප්රකාශනයට අත්සන් තබා ඇති රටවල් 134 ට සම්බන්ධ වෙන්නැයි ඉල්ලා සිටී. විදේශ ලේකම්වරයා සිය දේශනය පැවැත් වූයේ සිවිල් සමාජ කණ්ඩායම්වලින්, ශ්රී ලාංකීය ආණ්ඩුවේ සාමාජිකයන්ගෙන්, අයිතිවාසිකම් පිළිබඳ ක්රියකාරක/ කාරිකාවන්ගෙන් හා මාධ්යවේදීන්ගෙන් සැදි ප්රේක්ෂක සමූහයකට ය.

විදේශ ලේකම්වරයා මෙසේ පැවසීය:

바카라 사이트ලිංගික හිංසනයේ උරුමය සමග කටයුතු කිරීමේ දී වගකිව යුත්තන් යුක්තිය හමුවට ගෙන ඒම හා ලිංගික හිංසනයට පාත්රව ජීවත්වන්නන්ට ගරුත්වයෙන් යුතුව ඔවුන්ගේ ජීවිත නැවත ගොඩ නගා ගැනීමට ආධාර කිරීම ලොව මුළුල්ලෙහි ගැටුම්වලදී සිදු වූ පරිද්දෙන් මෙහි ශ්රී ලංකාවෙහි සමගි සන්ධානය හා දිගු කාලීන ස්ථායිතාවය සඳහා ඒකාන්තවම තීරණාත්මක ය.

바카라 사이트2009 යුද්ධය නිමා වූ තැන් පටන් අප පිළි ගන්නා ප්රගතියක් ඇතිව තිබේ. ඒවා නම්: සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම, යටිතල පහසුකම් නැවත ගොඩ නැගීම, බිම් බෝම්බ ඉවත් කිරීම, උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීම හා හිටපු බොහෝ දමිළ සටන්කරුවන් ශ්රී ලාංකීය සමාජයට ප්රත්යානුකලනය කිරීම ය. ඉස්සර රටේ අනිකුත් ප්රදේශයන්ගෙන් මෙන්ම ලෝකයෙන් ද කපා හැර තිබූ කලාපයක් දැන් නැවත එයට සම්බන්ධ කරනු ලැබ ඇත. එහෙත් අද වනතුරුත් ලිංගික හිංසන අපරාධවලට වගකියන කිසිවෙකු අත්අඩංගවට ගෙන නොමැත.

바카라 사이트ගැටුමේ අවසාන අදියරයන් තුළ හා ඊට පෙර ආණ්ඩුවේ හමුදාවන් විසින් ලිංගික දූෂණ උපයෝගි කර ගනු ලැබූ බවට චෝදනා එක්සත් ජාතීන්ගේ විශේෂඥ මඩුල්ලේ වාර්තාවල ඇතුළත් වේ; එසේම පාපෝච්චාරණ ලබා ගැනීමට ලිංගික හිංසනය යොදා ගත් බව හා ලිංගික හිරිහැරයට හා අපයෝජනයට ස්ත්රීන් හා ගැහැණු ළමුන් පහසුවෙන් ගොදුරු කර ගැනීමේ හැකියාව, විශේෂයෙන්ම විශාල හමුදා වාසයක් සහිත ප්රදේශවල ශ්රී ලාංකීය යුද වැන්දඹුවන් 90,000 ජීවත්වන බව හියුමන් රයිට්ස් වොච් කියා සිටියි.

바카라 사이트ඒවාට යෝග්ය පරිදි මෙම සිද්ධීන් පිළිබඳව විමර්ශනය කරන්නැයි මම ශ්රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. එයින් අදහස් කරන්නේ විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයන් කර ගෙන යා යුතු බව ය, ඒ වගේම එයින් වින්දිතයන්ට වැඩිමනත් සහාය ලබාදීම හා සමාජ අපකීර්තිය හා තැති ගැන්වීම මගින් යුක්තිය යටින් නොබිඳින පරිදි බලගතු සාක්ෂිකාර ආරක්ෂණ නීති සම්මත කිරීම ය.

바카라 사이트බ්රිතාන්ය ආණ්ඩුව ජාත්යන්තර ප්රජාවේ අනෙකුත් සාමාජිකයන් සමග එක්ව ගැටුමේ පාර්ශවයන් දෙක විසින්ම ජාත්යන්තර මානවීය හා මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් කරනු ලැබ ඇති උල්ලංඝනයන් හා අපයෝජනයන් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන, සම්පූර්ණ හා විශ්වසනීය විමර්ශනයක් කරන්නැයි ස්ථිරසාරව ඉල්ලා තිබේ. ස්වාධීන විමර්ශනයක් නොමැති වීම තුළ ජාත්යන්තර විමර්ශනයක් සඳහා එක්සත් රාජධානිය ද ඇතුළුව ජාත්යන්තර ප්රජාවෙන් පීඩනය නැගෙනවා ඇත.

바카라 사이트අපට අපට හැකි කුමන මාර්ගයනින් හෝ ශ්රී ලංකාවට උදව් කිරීම අවශ්ය ය. අපි මේ වන විටත් ගෘහස්ථ අපයෝජනයන්ට ලක්වුවන් සඳහා තොරතුරු දැන්විය හැකි හා උපදෙස් ලබා ගත හැකි දුරකථන සේවයක් ස්ථාපිත කිරීමේ, ස්ත්රීන්ට හා ළමුන්ට ලැබෙන පොලීසියේ සහාය වැඩි කිරීමේ හා ප්රාදේශීය මාධ්යවේදීන්ට මෙම ප්රශ්නය පිළිබඳව ආලෝකයක් ලබා දීමට උපකාරිවන විමර්ශනාත්මක ශිල්පීය ක්රමයන්හි පුහුණුවක් ලබා දීමේ ව්යාපෘතිවලට අරමුදල් සපයා ඇත්තෙමු. ඒ වගේ ම මෙම සහාය පුළුල් කිරීමට ද අපේ සහයෝගිතාව තව දුරටත් ගැඹුරු කිරීමට ද අප සූදානම් ය. එසේම ලෝක පරිමාණව දිරි ගන්වන ප්රගතියක් අත් කරගනිමින් තිබෙන ගෝලීය වශයෙන් ලිංගික හිංසනය තුරන් කිරීමේ අපේ ජාත්යන්තර ව්යාපාරයට ශ්රී ලංකාව සම්බන්ධ වෙනවා දකින්නට ද අපි කැමැත්තෙමු. 바카라 사이트

Updates to this page

පළ කළේ 13 November 2013